පස් කන්දට යටවී පුද්ගලයෙකු මරුට


හේමලතා ඩි හේවගේ
 
මාඔයේ කන්දෙටිය ඉවුර අසලට අද (11) සවස පස් කන්දක් කඩා වැටෙන අවස්ථාවේ බෝට්ටුවකට වැලි පටවමින් සිටි පුද්ගලයෙකු  එයට යටවී මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ පන්නල මූකලාන ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවරිදි අයෙකු බවත් ඔහු සඳලංකාව දිසා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇති බව සඳහන්වේ.
 
පන්නල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී කුමාරදාස මහතා ඇතුඵ නිලධාරීහූ වැඩිදුර  පරීක්ෂණ පවත්වති.