(දයාරත්න ඇඹෝගම)
පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු පලාගල ප්‍රාදේශිය සභාවේ සභපතිවරයා තේරීම අද (28) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ආර් .එම්.වික්‍රමසිංහ මහතා සභාපතිවරයා ලෙස තේරිපත් වු අතර උප සභපති ලෙස කළ පි.එල්.රසිදු මහතා තේරී පත්විය.
පලාගල ප්‍රාදේශිය සභාවේ මංගල රැස්විම අද (28) එම සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජන්ද අටක් හා එක්සත් ජාතික පක්ෂයට ජන්ද හයක්ද හිමි විය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් දෙදෙනාගෙන් එක් අයකු ජන්දය දීමෙන් වැලකී සිටි අතර අනෙක් නියෝජිතයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව ජන්දය භාවිතා කිරීම විශේෂත්වයක් විය. ජනතා විමුක්ති පෙරමුණද ජන්දය දීමෙන් වැලකී සිටියේය.