( ඔගස්ටින් ප්‍රනාන්දු )
පරෙවියන් ඇල්ලිමට පාසල් වහළයකට නැග ගත් සිසුන් පිරිසක් අතර සිටි 13 වියැති සිසුවකු වහළයේ සිවිලිම කඩා ගෙන බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදි අද ( 23 දා ) අලුයම මිය ගොස් ඇති බව උඩප්පුව පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ උඩප්පුව නානතුරෙයි ප්‍රදේශයේ විසු 13 වන වියේ පසුවන කාලිදාසන් සිවාකරන් නමැති දරුවෙකි.
මිය ගිය දරුවා තම මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ ( 22 දා ) පස්වරු තමන් අධ්‍යාපනය ලබන උඩප්පු දෙමල මහ විදුහල් වහලේ සිවිලිමේ රැදි සිටින පරවියන් ඇල්ලිම පිණිස ගොස් ඇත. එහිදි සෙසු දරුවන් පාසල තුළ රැදි සිටිය දි මිය ගිය දරුවා වහළයට නැග එම පරවියන් රැදි ඇති සිවිලම තුළට රිංගු බවත් ඒ සමඟම ඔහු සිවිලිම කඩා ගෙන බිම වැටි ඇති බවට තොරතුරු ලද බවත් කියයි .
බරපතල ලෙසින් තුවාල ලබා සිටි දරුවා වහාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු අද ( 23 දා ) අලුයම මිය ගොස් ඇති බවත් දරුවා වැටුණු අවස්ථාවේ දි ඔහුගේ හිස බිම ඇණිමෙන් බරපතල තුවාල ලබා ඇත.
උඩප්පුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.