පරිසරය රකින්න ගිය පිරිසකට මැර ප්‍රහාරයක්


තරිඳු ජයවර්ධන

පෝද්දල දී ඉරිදා (14) පැවැත්වීමට නියමිත පරිසර වැඩසටහනක් සම්බන්ධයෙන් අත්පත්‍රිකා බෙදමින් සිටි ගම්වැසියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයකු කළුගල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.

කම්හලකින් පිටවන අපද්‍රව්‍ය ගිං ගඟට එකතුවීම නිසා මහා පරිමානයෙන් ජලය අපවිත්‍රවීමේ සිද්ධියක් ගැන එම පරිසර නැඩසටහන පැවැත්වීමට නියමිතව තිබී ඇත.

ගම්වැසියන් හතර දෙනකු අත්පත්‍රිකා බෙදමින් සිටියදී පොලු රැගෙන ආ පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි.

මීට පෙරද මෙම පරිසර කටයුත්තේ සිටින පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබිණි.