(විනීතා එම් ගමගේ)
තලවිල ශාන්ත ආනා පුදබිමේ වාර්ෂික දේව මෙහෙයට සහභාගි වූ බැතිමතුන් දමා ගිය හිස් ජල බෝතල් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතින් කිලෝ ග්‍රෑම් 400 කට අධික ප‍්‍රමාණයක් ඉවත් කිරීම සඳහා එකතු කරනු ලැබී යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
වාර්ෂික දේව මෙහෙයට සහභාගි වූ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් විසින් බැහැර කළ කසළ අතර තිබු මෙම ප්ලාස්ටික් තොගය ප‍්‍රතිචක‍්‍රිකරණ කරුවන් වෙත භාර දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා අද (20) පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ පිලිසරු ජාතික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය හා වයඹ පළාත් පරිසර අධිකාරිය එක්ව එම දෙව්මැදුර ආශ්‍රීත පරිසරය පිරිසිදු කිරීම සඳහා පැවැත්වූ වැඩ සටහනේ දී මෙම පොලිතින් තොගය එකතු කළ බව ද ඔහු කීය.