(මනෝජ් හර්ෂික)
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් සහ කඩල තොගයක් ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයේ නිවසක ගබඩාකර තිබියදී අද (17) අත්අඩංගුවට ගත්බව ගල්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
ඉදි කරමින් පවතින නිවසක ඉතා අපරීක්‍ෂාකාරී ලෙස ගබඩා කර තිබියදී මනුශ්‍ය පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 1100 ක් සහ ගුල්ලන් විසින් හානිකරන ලද කඩල කිලෝග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් සොයා ගත් බව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් හාල්මැස්සන් සහ කඩල තොගය නැවත පිරිසිදුකර වෙළඳපලට දැමීමට මෙසේ ගබඩාකර තබා තිබූ බවත්, මෙම ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට සිදුකරමින් පැවතියා යැයි සැකකරන බවත් එම නිලධාරිහු සඳහන් කරති.
නිර්ණාමිකව ලද තොරතුරකට අනුව ගල්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සහ ගල්ගමුව පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
සිද්ධියට අදාල පුද්ගලයින් පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් අත්අඩංගුවට ගත් ආහාර තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරිහු සඳහන් කරති.