ජුඩ් සමන්ත
උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සඳහා ළඟ තබා ගෙන සිටි හලාවත නගරයේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
ව්‍යාපාරිකයින් 25 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට අවවාද කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.
ඊයේ (10) දවස පුරා සිදු කරන ලද මෙහෙයුම පසුව මොවුනට නඩු පවරා ඇත.
සුපිරි වෙළඳසල්,අවන්හල්,සිල්ලර අලෙවිසල් සහ කුඩා ප්‍රමාණයේ හෝටල් 80 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී ව්‍යාපාරික ස්ථාන 15 ක තිබූ මිනිස් පරිභෝජනයට නුදුසුදු ආහාර තම බාරයට ගෙන විනාශ කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
කල් ඉකුත් වූ ඇසුරුම් කරන ලද ආහාර අලෙවිය සඳහා ළඟ තබා ගෙන සිටීම, කෘමී සතුන්ට සහ දුහුවිල්ලට නිරාවරණය වන පරිදි ආහාර අසුරා තබා ගෙන සිටීම,විවිධ ලේබල් අඩුපාඩු සහිත ආහාර අලෙවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටීම,ඇතුළු චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.