(ක.ග කරුණාරත්න)
අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අද (23) රාත්‍රී 11.00 වන විට අක්කර අඩි 117,000 ඉක්මවා ගිය බව වාරි මාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසීය.
වාන් දොරටු විවෘත කිරීමෙන් අනතුරු තත්පරයකට ඝන අඩි 560 ක ජල ප්‍රමාණයක් පිටතට ගලා යන බවද ඒ මහතා කීය.