පරාක්‍රම සමුද්‍රයේ ධීවර තොටුපලේ තුවාල වු අලියෙක්


ක.ගකරුණාරත්න
 
 
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ "පුත්තලම් කැටේ" ධීවර තොටුපළට ආසන්නයේ මේදිනවල තුවාල වු වන අලියකු සැරිසරන බව එහි ධීවරයෝ කියති.


අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට පැමිණි අවුරුදු 25 – 30 ක් පමණ වයසැති ඒ අලියාගේ පාදයේ තිබූ තුවාල වලට ප්‍රතිකාර ලබාදී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.


බොහෝ දුරට ඒ තුවාල වෙඩි පහරවල් නිසා ඇතිවූ බවට සැකකරන බවද ඔවුහු සඳහන් කරති.