(රොමේෂ් මධුෂංක)
කිලිනෝච්චිය පරන්තන් සිට යාපනය දක්වා ධාවනය වූ වෑන් රියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් එහි ගමන්ගත් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය පවසයි.
පරන්තන් සිට යාපනය දක්වා ධාවනය වූ වෑන් රථය පරන්තන් හා පුනරීන් මන්සන්ධියේදී මාර්ගයෙන් ඉවත පැන බොක්කුවක වැදීමෙන් මෙම අනතුරට ලක්ව ඇත.
වෑන් රථය අධික වේගයෙන් ධාවනය වීම හේතුවෙන් රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි පොලිසය සැක පළ කරයි.