පයාගල ඇළකින් පිස්තෝල - පතුරොම් හමුවේ


(තුසිත කුමාර ද සිල්වා)
 
පයාගල පොතුවිල පාලම යට ඇළ මාර්ගයක තිබී ආරක්ෂක හමුදාව භාවිත කරන 9 - එම්. වර්ගයේ පිස්තෝල 2ක් සමඟ පතුරොම් 5ක් අද(09) සොයාගත් බව පයාගල පොලිසිය කියයි.

මෙම පිස්තෝල විදේශ රටක නිෂ්පාදිත ඒවා බව ද පොලිසිය පවසයි.

පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් අනුව කළුතර කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදා නිලධාරීන්ගේද සහය ඇතිව මෙම පිස්තෝල ඇළ මාර්ගයෙන් ගොඩට  ගත් බව පොලිසිය කියයි.

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.