රොමේෂ් මධුෂංඛ
යාපනය, සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනය කැරුණු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇඳගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම් කොටස් කිහිපයක් කැලෑවක තිබී සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසීය.
දැරිය ඝාතනයට ලක්වූ බව කියන ස්ථානයට මීටර 500 ක පමණ දුරක පඳුරක් අසල තිබී දැරිය ඇඳ සිටි යට ඇඳුමක කොටස් යැයි සැක කරන කොටස් කිහිපයක් සොයා ගත් බව පොලිසිය කීවේය.
දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ බාප්පා (22) කෙනෙකු හා වයස අවුරුදු 18 ක් හා 17 ක් වන මාමාවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.