පන්නල වැසි ජලයෙන් යටවෙයි


 

 

හේමලතා ඩී හේවගේ        

                                    

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (1) අලුයම සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ කිහිපයක් වැසි ජලයෙන් යටවී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බංණ්ඩාර මහතා පැවසීය.

                                                                                   

මේ හේතුවෙන් පන්නල කුලියාපිටිය ප‍්‍රධාන මාර්ගයේ ඇලබඩගම බෝවත්ත මංසන්ධිය සහ බෝපිටිය ප‍්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමත් සමඟ  ඉන් ගමනාගමනයට සුඵ වශයෙන් බාධාවන් වූ අතර ඊරියගොල්ල ග‍්‍රාමසේවා වසමට අයත් නිවාස 3 ක් ද හෙන්ඩියගල 01 , ඇලබඩගම බටහිර ග‍්‍රාම සේවා වසමේ නිවාස 15 ක්  අර්ධ වශයෙන් ජලයෙන් යටවූ බවත් වික‍්‍රමරත්න බංණ්ඩාර මහතා කීය.

                                                             

මෙය ජල ගැලීම ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වුවහොත් ඒ සඳහා මුහුණදීමට සියලු නිළධාරීන් දැනුවත් කර සිටින බවත් ජලයෙන් ආපදාවට ලක්වූ පිරිස් වෙත පිසූ ආහාර , පානීය ජලය සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇතිබව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය.