පන්දාහ නොදී දින තුනක් රස්තියාදු කළැයි විරෝධයක්


(බිමල්  ශ්‍යාමන් ජයසිංහ )

කොරෝනා ආසාදිත  තත්වය  හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ මහරගම පමුණුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දින 3 ක් තිස්සේ රුපියල් 5000 වෙනුවෙන් රස්තියාදු කළ බව පවසමින් ඔවුන් අද ග්‍රාම සේවා කාර්යාලය ඉදිරිපිට දී  සිය විරෝධයට පළ කළහ.
 
500 කට  ආසන්න ප්‍රමාණයක් මෙලෙස නොසන්සුන් ව හැසිරුණු අතර ඔවුන් මීටරයක දුර ප්‍රමාණය සහ  අනෙකුත් සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිබද සිටියේ නැත .
 
සමෘද්ධි  සංවර්ධන නිලධාරිනිය  පවසන්නේ තමන් තවත් වසමක රාජකාරිය කරන අතර එහි සිටින මහරගම නාගරික මන්ත්‍රී වරයෙක්ගෙන් බාධාවන් එල්ල වන බැවින් මෙම ප්‍රමාදය සිදු වන බවයි . මේ වන විට එම  පිරිසට මුදල් ලබා දීම ආරම්භ කර තිබේ.