(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල පනංගල වැවේ දියනෑමට ගොස් මියගිය තරුණයාගේ මළ සිරුර අද (31) දහවල් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් වැව පතුලේ තිබී ගොඩගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල අඹේගොඩ පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ හසිත ධම්මික වීරසිංහ නැමති වයස අවුරුදු 20 තරුණයෙකු මෙසේ දියේ ගිලීමෙන් මියගොස් තිබේ.
අඹේගොඩ ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු ඊයේ (30) පනංගල වැවේ දියනෑමට ගොස් දිය නාමින් සිටියදී මෙම තරුණයා එක්වරම දියේ ගිලී අතරුදන්ව තිබියදී ප‍්‍රදේශවාසීන් විසින් සොයා බලන ලද නමුදු සොයා ගැනීමට නොහැකිවීම නිසා කිමිදුම්කරුවන් යොදා වැව පතුලේ තිබූ මළ සිරුර ගොඩගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ මලසිරුර බණ්ඩාරවෙල දිසා රෝහලේ තැන්පත් කර ඇත. මෙම මරණය පිළිබදව මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.

