(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර)
මඩොල්සිම ඇකිරිය ප‍්‍රදේශයේ මැණික් පතල් වාඩියක අද (7) අලූයම ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා මැටිගහතැන්න සහ මීගහකිවුල රෝහල්වලට ඇතුලත් කළ බව මඩොල්සිම පොලීසිය පවසයි.
මෙම පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කර තිබෙන අතර පහරකෑමට ලක්වීමෙන් එක් පුද්ගලයකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ආරවුල නිසා මැණික් පතල් වාඩිය රැක බලා ගනිමින් සිටි රාජා නැමති පුද්ගලයකු පහරකෑමට ලක්ව මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඩී.එම්.විජේපාල නැමති 33 හැවිරිදි පුද්ගලයකු හා ඩී.එම්.සුපුන් නැමති 17 හැවිරිදි පුද්ගලයකු පිළිස්සුම් තුවාල ලබා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කර තිබේ.