(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා )
රුහුණු වෛද්‍ය පීඨයේ කාන්තා නේවාසිකාගාරයන්හි අවශ්‍ය ඉඩ පහසුකම් නොමැති බව පවසමින් එම නේවාසිකාගාරයන්හි ඉඩ පහසුකම් වැඩිකරණ ලෙස ඉල්ලා වෛද්‍ය පිඨ ගාල්ල උළුවිටිකේ පිහිටුවා ඇති සම සෞඛ්‍ය පිඨයේ සිසු සිසුවියෝ අද (17) දහවල් එම පීඨය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.
සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
කාන්තා නේවාසිකාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ ශිෂ්‍යාවන් 90 කට පමණක් බව ඔවුහු පවසති.