(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළියේ ලේඩිමැක්ලම් මාවතේ නිවාඩු නිකේතනයක තිබී චීන ජාතිකයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.
ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි එම චීන ජාතිකයා තවත් චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු සමග නුවරඑළියට පැමිණ ඇති අතර ඔහු වෙනම කාමරයකත් කාන්තාවන් තිදෙනා වෙනම කාමරයකත් සිට තිබේ.ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසා කාමරය විවෘත කර බැලීමේදී ඔහු ඇඳ මත මියගොස් සිටි අයුරු දක්නට ලැබී ඇත.
චීන තානාපති කාර්යාලය හරහා මියගිය චීන ජාතිකයාගේ ඥාතීන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා මිය ගිය චීන ජාතිකයාගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කර දේහය ඥාතීන්ට බාරදීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.