(අනීෂා මානගේ)
බලපත්‍ර නොමැතිව කපා ප්‍රවාහනය කරමින් තිබූ බව කියන තේක්ක දැව තොගයක් සමඟ සැකකරුවකු අද(2) බෙලිඅත්තේදී අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
බලපත්‍ර නොමැතිව කපා ට්‍රැක්ටරයක පටවාගෙන තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු බෙලිඅත්ත මාළිගාතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. තේක්ක දැව තොගය සහ ට්‍රැක්ටරය පොලිස් බාරයට ගෙන තිබේ.