(තරංග ගුණරත්න)
ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි සහ පස් ප්‍රවාහනයේ දී ඇතැම් පොලිස් ස්ථාන මගින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා ලොරි රියදුරෝ සාමකාමී විරෝධතාවයක් අද (30) අහංගම දී නිරතවුහ.
පසුගිය ජුනි 1 දින සිට පස් සහ වැලි ප්‍රවාහනය දී බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇතැයි ජනමාධ්‍ය මගින් දැනුවත් කළත් හම්බන්තොට සිට ගාල්ල දෙසට වැලි ප්‍රවාහනයේ දී අහංගම පොලිසිය මගින් පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මේ හේතුවෙන් ලොරි රථ රියදුරන් අපහාසුතාවයට පත් ඇති බවත් මේ සඳහා බලපත්‍ර ලබා ගැනීමට ආයතන මගින් ඉල්ලීම් කළත් බලපත්‍ර ලබාගැනීම අපහාසු බවත් ලොරි රථ රියදුරෝ පවසති.