(කේ. ඩී.දේවපි‍්‍රය)
හිස්බුල්ලා වැනි මුස්ලිම් ඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අද (6) කතරගම විහාරස්ථාන රැසක හිමිවරු කතරගම නගරයේ කඩ සාප්පු වසා දමා ගම්වාසීන් සමඟ එක්ව විරෝධතාවයක නිරතවූහ.
එකම රටක නීති දෙකක් ජනකොටස් දෙකකට බෙදා වෙන් කිරීම නවතා දමා රටේ එකම නීතියක් කි‍්‍රයාවට නංවා ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට සම්බන්ධ ඇමැතිවරුන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන ලෙස භික්ෂූන් වහන්සේලා පැවසූහ.
බුදුදහමට නින්දා කරන ඇමැතිවරුන්ට විරුද්ධව පියවර ගන්නා ලෙස ද හිමිවරු ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්, කතරගම ශ්‍රී මල්ලිකාරාම විහාරාධිපති හබරාදුවේ ඥනමොලි හිමියන් ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේලා රැසක් එක්ව සිටියහ.