(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරණ ලද රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඉරණ ලද කොස් ලී තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් අද (27) දහවල් 12.30 ට පමණ උළුවිටිකේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය කියයි. පොලීසිය පවසන්නේ ඉරන ලද ඇල්බීසියා ලෑලි උඩින් දමා සඟවාගෙන මෙම කොස් දැව තොගය ප්‍රවාහනය කර ඇති බවයි.
වෙනත් රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටි පෝද්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නාලක මාගෙදර මහතා මෙම දැව ට්‍රක් රථය හෝළුවාගොඩදී නිරීක්ෂණය කර එහි පසුපස ලුහුබැඳ ගොස් මෙම දැව තොගය සහිත ට්‍රක් රථය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්, දැවතොගය සහ ට්‍රක් රථය හෙට (28) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෝද්දල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.