(එච්. චන්දන)
නීති විරෝධී අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන පුත්තලම නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු සහ ත්‍රී රෝද රථ තුනක් අද (02) අත්අඩංගුවට ගත්බව පුත්තලම පොලිසය සඳහන් කළේය.
පුත්තලම මැතිවරණ කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් සමඟ මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයකු විසින් මෙම ත්‍රී රෝද රථ තුනේ ශබ්ද විනාශන යන්ත්‍ර සවිකර ප්‍රචාරක කටයතු සිදු කර ඇති බව පොලිසිය කීය.
ත්‍රී රෝද රථ තුන හා ශබ්ද විකාශන උපකරණ නඩු භාණ්ඩ ලෙස පුත්තලම පොලිසය බාරයේ තිබෙන බවත් සැකරුවන් පොලිස් ඇප මත නිදහස් කළ බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් හෙට (03) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.