(තිළිණි ද සිල්වා)
පාරිභෝගික සේවා අධිකාරියේ නීති උල්ලංඝණය කළ වෙළඳසැල් හිමියන් 340 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මේ මස 9 වැනි දා සිට 15 වැනි දා දක්වා ගෙවුණු සතියක කාලය තුළ උත්සව සමය ඉලක්ක කර ගනිමින් වැටලීම් 510 සිදුකර ඇති අතර එහිදී නීතී උල්ලංඝණය කළ පිරිස් සඳහා මෙම නඩු පැවරීම් සිදු කළ බවද එම අධිකාරිය කියා සිටී.
තවද එම වැටලීම් වලදී දඩ වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ 96,000 ක මුදලක් අයකර ගැනීමට ද පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර ඇත.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් 21,188 ක් සිදුකර වෙළඳුන් 21,254 කට එරෙහිව නඩු පැවරීමටද පියවර ගෙන තිබේ.