( රංජිත් රාජපක්ෂ )
තම දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොටස් හයක වතු කම්කරුවෝ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ අද (11) උද්ඝෝෂණයක නිරත වුහ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වසර දෙකක් බල පැවැත්වෙන සේ මීට ප්‍රථම අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වි මාස දෙකක පමණ කාලයක් ගත වි ඇත.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර යළි සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වි ඇත.
වෘත්තිය සමිති භේදයකින් තොරව අද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පැවසුයේ වතු යායෙන් මාසිකව ලබාදෙන වැඩ දින ගණනට අනුව වැඩට පැමිණෙන අයට සහ වතු යාය මගින් දිනක වැටුප සදහා අනුමත කරන තේ දළු ප්‍රමාණය පමණක් නෙළන අයට රු 730 ක දිනක වැටුප ලැබෙන බවත්, එසේ නොකරන අයට දිනක වැටුප වශයෙන් රු 530 වැටුපක් ලැබෙන බවයි.
දැනට තමන්ට ගෙවන රු 530 මුලික වැටුප කොන්දේසි විරහිතව දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දමන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවෝ ඉල්ලා සිටිති.