නිසි වැටුපක් ඉල්ලා තලවකැලේ වතුකම්කරුවෝ පාරට බසිති



(රංජිත් රාජපක්ෂ)                        

ජිවන වියදමට සරිලන වැටුපක් ගෙවන ලෙස බල කරමින් වතු සමාගම්වලට එරෙහිව තලවකැලේ නගර මධ්‍යයේදි   අද (23)  වතුකම්කරුවෝ උද්ඝෝෂණයක් කළහ.


තලවකැලේ නගර  සභාව  අසළින් ආරම්භ  වු පෙළපාළිය   තලවකැලේ නගර මධ්‍යට පැමිණ  තලවකැලේ නගර මධ්‍යයේ දි මෙම උද්ඝෝෂණය කළහ.


වතුකරයේ වෘත්තිය සමිති ගණනාවක් සිවිල් සංවිධාන කිහිපයක් හා ගුරු සංගම් කිහිපයක් එක් ව මෙම උද්ඝෝෂණයට සහය දැක්වීය.
වතු කම්කරුවෙකගේ දැනට දෛනික වැටුප වශයෙන් සියළුම දිමනා සහිතව රු 720 ක වැටුපක් ගෙවන අතර එම මුළු වැටුප ලබා ගැනිමට  වතු කම්කරුවෙකු වැඩ කරන දිනයන්හි 90% ක් සේවයට වාර්තා කළ යුතුයි.


වතුකම්කරුවන්ගේ ඉදිරි වසර දෙක සඳහා  වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සදහා මේ වන විට සාකච්ඡා  වට කිහිපයක් පවත්වා තිබේ.


වතු කම්කරුවන්ට ජිවන වියදමට සරිලන වැටුපක් ගෙවන ලෙස බල කරමින් වතු සමාගම්වලට එරෙහිව තලවකැලේ නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයට ජාතික කම්කරු සංගමයේ සභාපති හා අමාත්‍යය පලනි දිගම්බරම් , කදුරට ජනතා පෙරමුණේ නායක හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යය වි රාධා ක්‍රිෂ්ණන් මහතාද සහභාගි වි  සිටියහ.