නිසි මිලක් ඉල්ලා අර්තාපල් ගොවීහු පාරට බසිති


(ඇල්ල ප්‍රසාද් රුක්මාල්)

අර්තාපල්වලට සාධාරණ මිලක් දෙන්නැයි ඉල්ලා වැලිමඩ අල ගොවීහු අද(27) දහවල් බදුල්ල නගරයේ ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණය කළහ.

විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණය කළ අතර මෙයට සමස්ථ ලංකා  ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද එක්ව සිටියේය.

ගොවිජන එකමුතුව, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.