මොහොමඩ් බුහාර්ඩීන්
ගලේවෙල හා මහවෙල පොලිස් බල ප‍්‍රදේශයේ නිවෙස් වලින් භාණ්ඩ සොරාගත් සොර කල්ලියක කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල පොලිස් බල ප‍්‍රදේශයට අයත් මාදිපොල නිලන්ඹරුව ජනපදයේ පසුගිය ඔක්තෝබර් 29 වැනි දා නිවසක අල්මාරියේ තිබු රු ලක්ෂ 3 ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සොරකම් කර පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල නිලන්ඹරුව ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරෙීම් හමුවේ අපරාධ ගණනාවක තොරතුරු හෙළි කර ගැනීමට හැකිවී තිබේ.
සැකකරු සොරකමක් සම්බන්ධයෙන් වසර 5 සිරදඬුවම් විද නිදහස් වූ අයෙක් බව හෙළි ව ඇත.
සැකකරුවන් වෙළඳසැළකට විකුණන ලද රන් භාණ්ඩවලින් කොටසක් උණුකර තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.