ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
ගෙවල් බිඳුම් විසිතුනක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 8 ක් බන්ධනාගාර ගතව සිට පැමිණ වසරක් ඇතුළත ගෙවල් බිඳුම් හතක් සිදුකර ලක්ෂ පහක පමණ භාණ්ඩ හා මුදල් සොරා ගත් පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගෝනපල ‘හොල්මං’ නමින් හඳුන්වන 34 හැවිරිදි සැකකරු සහ භාණ්ඩ මිලදී ගත් තවත් පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කහතුඩුවෙන් නිවාස 4 ක් ද පිළියන්දලින් 2 ක් ද මොරගහේන ප්‍රදේශයෙන් එක් නිවසක් ද කඩා භාණ්ඩ සොරා ගත් බව පැවසේ.
සැකකරු සොරා ගත් වර්ණ රූපවාහිනියක් සහ ලක්ෂ දෙකක් වටිනා රන්භාණ්ඩ ද සොයා ගෙන ඇත.