( ගම්පහ තිලකරත්ක දිසානායක )
ගම්පහ, ඉදිගොල්ල ප්‍රදේශයේ, යක්කල - ගම්පහ මාර්ගය අද්දර පෞද්ගලික සමාගමක් මගින් ඉදි කිරීමට යන 9 මහල් නිවාස සංකීර්ණය හේතුවෙන් එහි ප්‍රදේශවාසීන්ට හානිකර තත්ත්වයක් ඇති වන බව පවසමින් ඉදිගොල්ල සහ බණ්ඩාරවත්ත සුභ සාධක සමිති 18 ක නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) පෙරවරුවේ නිහඩ විරෝධතාවයක් පැවැත්විණි.