නිව්යෝක් විහාරයේ කඨින පිංකම මහ ඉහළින්


ඇමරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගියදා පැවැත්විණි.

පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පසුදින සංඝගත දක්ෂිණාවක් ද සිදු කැරුණු අතර නිව්යෝක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම සිදුකැරිණි.

කඨින පිංකම සඳහා බංගලිදේශය, නේපාලය, චීනය හා කොරියාවේ බෞද්ධ බැතිමතුන්ද ශ්‍රී ලාංකිකයෝ රැසක් ද එක්ව සිටියහ.

IMG_0973 IMG_0978 IMG_1002 IMG_1009 IMG_1011