නිව්යෝක් පොලිස් නිලධාරියාගේ ගුණ සැමරේ


නිව්යෝක් නුවර පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන පොලිස් අංශයේ සේවය කරන අතරතුරදී හදිසි අනතුරකින් මිය ගිය කල්‍යාණ රණසිංහ මහතාගේ තෙවැනි ගුණානුස්මරණය පසුගියදා රුසෝඩ් ඔන් ද බේ සංචාරක හෝටලයේදී පැවැත්විණි.

ඒ නිමිත්තෙන් උසස් අධ්‍යාපනය ලබන ලයනල් මෙන්සෝටෝ සිසුවාට ශිෂ්‍යත්වයක් ද පිරිනැමුණු අතර එම අවස්ථාව සඳහා නිව්යෝක් නගරාධිපති, පොලිස් කොමසාරිස් ඇතුළු පිරිසක් එක්වූහ.

webimage1-(3)