යාපනයේ තෙලිප්පනේ වාසවිලාන් හි පදිංචි අවුරුදු 19 ක් වයසැති තරුණියක් ගෙරදට හොරොන් පැනවිත් සිටියදී බණ්ඩාරවෙල කාන්තාවක් අද (4) ඇය පොලිසියට බාර දී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
තමන්ට නොගැලපෙන තරුණයෙක් හා පෙම් සබඳතාවයක් ඇති කරගත්තේ යැයි දෙමාපියන් ඊට විරුද්ධව තරවටු කළ නිසා මවගෙන්රුපියල් 2000 ක් සොරකම් කරගෙන නිවසින් පැන ආ බව ඇය පොලීසියට පවසා තිබේ.
යාපනයේ සිට බසයකින් කොළඹට ගිය බවත් කොළඹ සිට බදුල්ල බසයෙන් බණ්ඩාරවෙල වෙලට පැමිණි බවත් සෙල්ලදොරේ විනීතා නම් වු ඇය පොලිසියට පවසා තිබේ .
බණ්ඩාරවෙල ඇල්ලේතොට පසුකමින් දියතලාව දෙසට ගමන්කරමින් සිටි ඇය දුටු මාර්ගය අයිනේ දූරියන් විකුනූ කාන්තාවක් මෙම තරුණිය සමඟ මිතුරුව තොරතුරු සොයාගැනීමෙන් පසු බණ්ඩාරවෙල පොලිසියට දැනුම් දී තිබේ.
ඒ අනුව ඇය පොලිස් භාරයට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.