නිවස ගිනිබත් කළ කොන්දොස්තර අත්අඩංගුවට


ඩබ්ලිව් ඒ අසේල
 
තම බිරිඳ හා අඩදබර වී බිරිදට හා දරුවන්ට පහරදී නිවසට ගිනි තබා හඟුරන්කෙත දාරාඔය ප්‍රදේශයේ සැගවී සිටි  පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු (34) අද (8) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.

මයිලපිටිය ගල්ලිද  ප්‍රදේශයේ මොවුන් පදිංචව සිටින අතර පසුගිය 3 වැනි දා බිරිද හා අඩදබර වී ඇයට පහර දි ඇත. එම පහරදීමේදි දරුවෙකුටද පහර වැදී තිබේ.

ඔහුගෙන් බේරීමට නිවසින් පිටතට ගොස් ඇති අතර රාත්‍රී 11ට  පමණ නිවසට ගිනි තබා ඇත. අසල්වැසියන් එක්ව ගින්න නිවා දමා ඇති මුත් ගින්නෙන් නිවසේ බඩුබාහිරාදිය සියල්ලම විනාශ වී තිබේ.

මීට අමතරව ඇදන්, අල්මාරි, ශිතකරණය ,පුටු ආදියද වන අතර රූපවාහිනි යන්ත්‍රය පොලවේ ගසා කුඩු කර ඇත.

සකකරු  මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.