(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
හිනිදුම විරපාන ප්‍රදේශයේ නිවසක් ප්‍රෙට්‍රල් දමා ගිණි තබා අලාභහානිකර සැඟවී සිටි දෙදරු පියෙකු වසර 10කට පමණ පසු අත්අඩංගුවට ගත් බැව් ගාලුකොටුවේ පිහිටි නීතිය බල ගැන්විමේ ඒකකය පවසයි.
මොහු බිරිදත් සමග ඇතිවු ආරවුලිකින් පසු බිරිදට අයත් නිවස ප්‍රෙට්‍රල් දමා ගිණි තබා ඇති බැව් පොලිසිය පවසයි.. ඒකල නිවසට ගිණි තැබිම නිසා වි ඇති අලාභය රුපියල් 3.51000ක් බව ද පොලිසිය පවසයි 2008 වර්ෂයේ නිවසට ගිණි තබා මොහු කොළඹට පලාගොස් ඇත. එහි වසර දෙකක්පමණ සැගවි සිට දෙවතාවක් විදේශතව වි ඇතිබවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
පසුව මොහු යලි පිටබැද්දර ප්‍රදේශයට පැමිණ නිවසක් මිලදිගෙන වෙනත් කාන්තාවක් සමග එහි පදිංචිව සිට ඇති බවද පොලිසිය කියයි. නීතිය බලගැන්විමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මොහු විරපාන ප්‍ර දේශයේ දි අත්අඩංගුවට ගෙන නිතිමය කටයුතු සදහා හිනිදුම පොලිසියට භාරදි ඇත.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකොන් මහතාගේ අධික්ෂණය යටතේ පොලිස් පරික්ෂක අංජුක මහතාගේ උපදෙස් මත නිතිය බලගැන්විමේ ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප.කේ. කේ එස් පාලිත, පො සැ 29031 මෙන්ඩිස් , පො සැ 7964 චන්ද්‍ර සේන,, පො කො 58508 ප්‍රේමසිරි, පො.කො 60658 මදුසංක,60965 ලලිත්, පො.සැ.රි 89790 බණ්ඩාර යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය

