නිල වාහනය රියැදුරු පුහුණු පාසලකට දුන් නිලධාරියකු ගැන පරීක්ෂණ


(ජයන්ත සමරකෝන්)

කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරුවරයකු රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා නිල වාහනයක් වසර 4ක් තිස්සේ භාර නොදී එය රියැදුරු පුහුණු පාසලක පුහුණුව සඳහා යොදවා ඇති බව නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙම නිලධාරියා මේ වනවිට නගර සභාවේ වෙනත් ස්ථානයක රාජකාරී කරමින් එම ආයතනයෙන්ද රාජකාරි වාහනයක් ලබාගෙන ඇතැයිද මෙම නිලධාරියා සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් වැඩ තහනම් කරන ලෙසට නිර්දේශ කරමින් නාගරික කොමසාරිස්වරය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ලිපියක්ද යවා ඇත.

ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පරීක්ෂණ කමිටුවක් පත්කර දින 14ක් ඇතුළත ඒ පිළිබඳව වාර්ථාවක් කැඳවා තිබේ.මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා විසින් රහස් පොලිසියටද පැමිණිලි කර ඇත.