නිල ඇදුම් වවුචර නිකුත් කිරිම කල් දමන්න‘යි ඉල්ලයි


අධ්‍යාපන අමාත්‍යාංහය මගින්  ලබාදෙන නිල ඇදුම්  වවුචර නිකුත්  කිරිම පසුගිය 6 වැනි දා  අවසන්  වුවත්  එම දිනය ඉදිරියට  කල්  දමන ලෙස ලංකා  ගුරු සංගමය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලයි.

දිවයින පුරා සිටින ළමයි 10,000 කට තවමත් නිල ඇඳුම්  වවුචර ලැබී නැති  නිසා එසේ නොලැබුණු ළමුන්ට සාධාරණයක් ඉටුවීම පිණිස මෙම ඉල්ලීම කරන බව ලංකා ගුරු සංගමය කියයි.