(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා හට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් නිරෝධායනය වීමට දන්වා තිබියදී නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින් අද (13) කෑගල්ල ප්‍රදේශිය සභාවේ මහා සභා රැස්විම පවත්වා තිබේ.
කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩි අසාදිත බව හදුනා ගැනිමත් සමඟ ඔවුගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කර ඇති අතර හඳුනාගත් පවුල් 40 අතරින් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිටින බවට අනාවරණය වී ඇත.
එලෙස තිබියදී ප්‍රාදේශීය සභාව පැවැත්වීම හේතුවෙන් කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ සභා රැස්විම නතර කිරිමට කටයුතු කෙරිණි.
සභාපතිවරයාගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරැ නිරෝධායනය වන නිවසකී යන දැන්විම ඇලවිමට කටයුතු සිදුකළහ.
සභාපතිවරයා අද (13) සිට 27දා දක්වා දින 14කට නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළේය.