(මඩුකන්ද සිතුම් චතුරංග)
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන්කළ නාවික හමුදා සෙබලුන් 223ක් අද (27) නිවෙස්වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි.
කොවිඩ් - 19 වෛරසය වැලිසර නාවික හමුදා කඳවුරේ ව්‍යාප්ත වීමත් සමඟ එම කඳවුරේ රාජකාරී කරමින් සිටි මෙම නාවික භටයින් පිරිස නිරෝධායනය සඳහා පසුගිය මැයි මාසයේ මුලතිව් ගුවන් හමුදා කඳවුරවෙත රැගෙනඑනු ලැබීය.
එම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරේ දින 40 කාලයක් නිරෝධායනයවූ අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 27 දෙනකු කොවිඩ් - 19 වෛරස ආසාදනයවී මුලතිව් රෝහලේ විශේෂ ඒකකය වෙත ඇතුලත් කර තිබිණි.
පිටවයන නාවික හමුදා සාමාජිකයින් වෙත කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පී.සි.ආර් පරීක්ෂණය සිදුකළ බවත් එහි වෛරසය ආසාධනය වූ කිසිදු සෙබළකු වාර්තා නොවූ බවද ගුවන් හමුදාව පැවසීය.
සාර්ථකව නිරෝධායනය අවසන්කළ නාවික හමුදා සෙබලුන් වෙත නිරෝධායන සහතිකපත් ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.
පිටව යන නාවික හමුදා සාමාජිකයින් වෙත ගුවන් හමුදාව විසින් ප්‍රවාහන පහසුකම්ද ලබාදී තිබුණි