නියගයෙන් මාතලේ පවුල් 5908 ක් පීඩාවට


 

(විශේෂ මහේෂ් කිර්තිරත්න)

මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 5908ක් පීඩාවට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පැවසිය.

දිස්ත්‍රික්කයේ විල්ගමුව,ගලේවෙල,දඹූල්ල.ලග්ගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වසම් 58ක පුද්ගලයින් 20232 ක් මෙම පානිය ජල ප්‍රශ්නයට මුහුණ පා ඇති බවද ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

පිඩාවට පත් ජනතාව වෙනුවෙන් පානිය ජල පහසුකම් සැපයිම සදහා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් බවුසර් මගින් ජල පහසුකම් සැපයිම සිදු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවසිය.