( ක.ග කරුණාරත්න)
ඇලහැර, කෝට්ටපිටිය, යාය 14 ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයෝ 05 දෙනෙක් ඊයේ (03) රාත්‍රී 10.30 ට පමණ සැකපිට අත් අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ බිලි පූජාව සඳහා රැගෙන ආ බව කියන කුකුළෙක්, මල්, බුලත් සහිත පූජා වට්ටියේ තබාගෙන කට්ටඩියා මන්ත්‍ර ජප කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අඩි 20 ක් පමණ ගැඹුරැති විශාල වළක් හාරා ඒ තුළින් විශාල ගල් පුවරු ආදිය ගොඩ දමා තිබූ බව පොලිසිය කියයි.
එම කැණීම සඳහා උපයෝගී කර ගත් බව කියන උදලු, අලවංගු, යාන්ත්‍රික ගල් විදිනයක්, වතුර මෝටරයක්, ජල නල ආදියද පූජා භාණ්ඩ, සුවඳ දුම්, තෙල්, මල්, පහන් ද පොලිසිය අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් එක් අයෙකු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සිව්දෙනා කෝට්ටපිටිය, මඩුදමන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු කියති.
මේ පිළිබඳව බකමූණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.