(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය යාය 2 පුරාවිද්‍යා රක්ෂිතයේ නිධානයක් ගොඩ ගැනීමට සුදානමින් රැදී සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු නයිගල නිවසක දී අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයකු, ආබාධිත හමුදා සෙබලෙකු සහ හමුදා සේවයෙන් ඉවත් කළ හමුදා භටයකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු වේ.
මොවුන් රාජාංගනය,මිහින්තලය,බිබිල සහ මඩොල්සිම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම පුද්ගලයන් නිධන් හැරිම සඳහා අවි ආයුධ සමඟ නයිගල ප්‍රදේශයේ රැදී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අද (1) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.