නිධන් හැරූ 5 ක් අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)

නෙළුව ඇහැලපිටිය ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නිධන් හෑරිමට යොදා ගන්නා ලද උපකරණ රැසක්ද සමඟ අද (05) රාත්‍රී අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති උපකරණ අතර මල්බුලත් තටු ,සුවඳ කුඩු,දුම්මල,අලවංගු,අත් පොරොව,විශාල කඹ දෙකක්,කූඩ,උදලු ආදියද වනබව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටියේ පදිංචිකරුවන් තිදෙනෙක් , ජාඇල පදිංචිකරුවෙක් සහ තවලම ඕපාත පදිංචිකරුවෙකි.

ඉඩම ජාඇල පදිංචිකරුට අයත් එකක්වන අතර ඔහු තවලම ඕපාත පදිංචි කට්ටඩියාද ඇල්පිටියේ තිදෙනාද සමඟ එක්ව ඉඩමේ නිධන් හාරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරියෙකුට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.