(හේමලතා ඩී. හේවගේ )
පොලීසිය නොමග යවමින් කුඩා දේවාලයක් පිහිටි නිවෙස් ඉදිරිපිට වැසිකිළි වළක් කපන මුවාවෙන් නවීනතම ස්කෑන් යන්ත‍්‍ර උපයෝගී කරගනිමින් නිධන් හාරමින් සිටි 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කපුවෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
මොවුන් සන්තකයේ තිබී මෝටර් රථ 3 ක්, උදඵ, කඹ, අලවංගු ඇතුඵ උපකරණ රැසක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
මැණික් රන් ලෝහ ඇතුළු දේවල් සොයා ගැනීමට යොදා ගන්නා රුපියල් කෝටියකට වටිනා බව කියන මෙම නවීනතම ස්කෑන් යන්ත‍්‍රය යොදා මෙම ස්ථානයේ මොවුන් නිධන් සෙවීමේ නිරත වී සිටි බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අංගොඩ, කඩුවෙල, අඟුරුවාතොට, මොරටුව, ගම්පොල යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් වයස අවුරුදු 40 - 45 හැවිරිදි පසුවන්නන් බව පොලිසිය පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා සමඟ සියලු නඩු භාණ්ඩ කුලීයාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.