චමිල් රූපසිංහ
කටුගස්තොට පොලිස් වසම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට කුළුගම්මන උළුගේවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම සැකකරුවන් නිධන් හාරමින් සිටි තිබේ.
මොවුන් අතර ව්‍යාපාරිකයකු හා කට්ටඩියකුද සිටි බව පොලිසිය පවසයි.
ගල් විඳීම සඳහා උපයෝගි කර ගන්නා අධි පීඩන යන්ත්‍රයක් හා වතුර මෝටරයක් ඇතුළු උපකරණ රැසක් ද හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් ද පොලීසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙනියාය, මහරගම හා කුළුගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.