(කේෂර ගුණතිලක)
නිධන් වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය ලද තොරතුරක් මත තණමල්විල ගාමිණිපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කැණීම් කිරීමට උපයෝගී කරගත් උපකරණ හා පූජා භාණ්ඩ රැසක් සොයගෛන ඇත.
අත්අඩංගුවට ගත් අයගෙන් තිදෙනෙකු බෙලිහුල්ඔය, සිලෝගම,කරගස්තලාව සහ උඩඅරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙක් තණමල්විල ගාමිණිපුර පදිංචිකරුවෙකි.
සැකකරුවන් හා අත්අඩංගුවට ගත් උපකරණ අද (1) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
තණමල්විල සහකාර පොලිස් අධිකාරි ඩී. යූ. පී අමරතුංග මහතාගේ උපදෙස් මත තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක සී. එස්. පනාවෙල මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඇම්. විජේසුන්දර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.