(ජුඩ් සමන්ත)
ආණමඩුව - මහඋස්වැව ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙක්ව ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයේ තිබූ විදුලි මෝටරයක්,කැණීම් උපකරණ සහ යාතිකා කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති අය අතර,මහඋස්වැව,මැරුංගොඩ සහ කොට්ටුකච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.