නිදන් හාරමින් සිටි සෙබළෙක් ඇතුඑ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට


 (හිඟුරක්ගොඩ-ඩබ්.ඒ. පියතිලක)

පොලොන්නරුව ජලගැලුම් නිම්න  ජාතික උද්‍යානයේ ගල්කන්ද ප්‍රදේශයේ පුරා විද්‍යා නටඹුන් සහිත ස්ථානයක නිදන් ගැනිම සඳහා කැණීම් කරමින් සිටියදී යුද හමුදා සෙබළෙක් ඇතුඑ සැකකරුවන් තිදෙනෙකු වනජීවි කාර්යාල නිලධාරින් විසින් කල වැටලිමකදි අත් අඩංගුවට ගත් බව එම නිලධාරින් පවසයි.

මෙම වැටලිම සිදුකර ඇත්තේ වෙහෙරගල වනජිවි කාර්යාල නිලධාරින්ට ලද තොරතුරක් අනුව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් හා එක්ව මෙම වැටලිම සිදු කර ඇත.  මෙසේ නිධන් ගැනිම සඳහා උත්සාහ කර ඇත්තේ සොරිවිල ගම්මානයේ සිට කිලෝමිටර දහයක පමණ  දුරකින් යුතු ජලගැලුම් නිම්න  ජාතික උද්‍යානයේ ගල්කන්ද ප්‍රදේශයේදීය. වැටලිම සිදු කරන අවස්ථාව වනවිටත් සැකකරුවන් කැණිම් කරමින් සිට ඇති අතර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර එහි සිටි  සැකකරුවන් කිහිපදෙනෙකු පලාගොස් තිබේ.

මෙසේ අත්ඩංගුවට පත් ව ඇති සැකකරුවන් අතර සඳුන්පුර ප්‍රදේශයේ යුදහමුදා කදවුරක සේවය කරමින් සිටින යුද සෙබළෙකු සහ  ගිරාඳුරුකොට්ටේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් උපකරණ අතර  කිලෝ 3000ක්  බර ඉසිලිය හැකි චෙින් බෝලොක් එක්ක උදලු නාරස්සන ඇතුඑ පුජා භාණ්ඩ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුවන් සහ උපකරණ අද දින පොලොන්නරුව අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්  සිරිපාල රණතුංග මහතා වෙත  ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල බව වැටලිම සිදුකල වනජිවි නිලධාරින් පවසා සිටන අතර පලාගිය සැකකරුවන් සොයා පරික්ෂණ ආරම්භ කල බවද වැඩිදුරටත් කිය.