හේමලතා ඩී හේවගේ
පන්නල යක්විල - මාදිල්ගොමුව ප‍්‍රදේශයේ පිහිටි පොල්වත්තක නළ ළිඳක් ඉදිකරන මුවාවෙන් පොලවේ දික් අතට හාරා නිදන් සොයමින් සිටියදී තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නිදන් හැරීමට උපයෝගි කරගත් උපකරණ සමඟ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් රාවිට, වාරියපොල,කිරිමැටියාන යන ප‍්‍රදේශවල පදිංචි 27 , 55 , 57 හැවිරිදි පුද්ගලයෝ වෙති.
මෙම ඉඩමේ හිමකරු විදේශ රටක සේවය කරන අතර ඔහුට අයත් අක්කර 15 කින් සමන්විත මෙම ඉඩමේ මුරකරු ද අත්අඞංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර වෙති.