හේමලතා ඩී හේවගේ
ගිරිඋල්ල - ගල්හේන්කන්ද පුහුලේ විහාරය ආසන්නයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි.
එම ස්ථානයේ පුද පූජා පැවැත්වීමට රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ ඇතුඵ නිදානය ගොඩගැනීමට භාවිතා කළ උපකරණ රැසක් පොලිස් බාරයට ගෙන ඇත.
නිදාන් හාරමින් සිටි ඉඩමේ අයිතිකරු සමඟ අත්අඩංගුවට ගත් කට්ටඩියා පුත්තලම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් සැකකරුවන් කඩුවෙල හා දෙනියාය යන ප‍්‍රදේශවල පදිංච්චිකරුවන් බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් සතුව තිබූ අලවංගු 2 ක් , කුගෙඩි 2 ක් , උදඵ , සවල් ඇතුඵ උපකරණ සමඟ මෝටර් රථයක් හා ත‍්‍රීරෝද රථයක් පොලිස් බාරයට ගත්බව පොලීසිය පවසයි.
සැකකරුවන් සමඟ සියළු නඩු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.